ලෝකයේ විශ්මිත හා ලස්සන කුරුල්ලන් සිටින පාරාදීසයක්
කොහොමද ඉතින් ඔයාලට .......? ඔන්න අද ඉදන් මමත් පටන් ගත්තා ඉතින් මම දන්න පොඩි පොඩි දේවල් නොදන්න අයට කියලා දෙන්න.ම්‍ෙ මගේ පලවෙනි post එක .හැබැයි මම හිතුවා ඔයාලට මුලින්ම මේ වගේ දෙයක් දෙන්න.
මේ මිහිමත වෙසෙන වඩාත් සුන්දර,වඩාත් විශ්මිත කුරුලු වර්ගය 'පාරාදීසයේ කුරුල්ලන්(birds-of-paradise)ලෙසයි හැඳින්වෙන්නේ.සොබාදහමේ අපූරු දායාදයන් ලෙස සැලකෙන මේ කුරුල්ලන් දැක ගන්න නිව් ගිනියාවේ(New Guinea) වනාන්තර වලට යන්න ඕනෑ කියලයි කුරුලු විශේෂඥයන් පවසන්නේ .
BBC ආයතනය මඟින් විශේෂ ව්‍යාපෘතියක් යටතේ මේ කුරුල්ලන් විශේෂ 39ක් කැමරාවට නඟා විශේෂ වාර්තා වැඩසටහනක් නිපදවා ඇත.මේ කුරුල්ලන්ගේ පිහාටුවල පිහිටීමේ විවිධත්වය ඉතාමත් චමත්කාරයි.උන් පිල් විදහා කරන නැටුම් විචිත්‍රයි.අනෙක් සතුන්ගෙ ගොදුරක් නොවන ආකාරය,මායිම් ලකුණු කිරීමේ දී හා ඔවුන්ගේ රංගනයේ දී එන හඬ ඉතාමත්ම මිහිරියි !
මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා...............මොවුන්ගේ සුන්දරත්වය පහත වීඩියෝවෙන් අත්විදින්න.
මේ වනාන්තරයේ ලස්සන කුරුල්ලන් පමණක් නොව විශ්මිත සතුන්ද ඇත. මේ තියෙන්නේ නිව් ගිනියා වනාන්තරයේ තවත් ඡායාරූප ටිකක්.
No comments:
Post a Comment